arjuna-sports-position-removed

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතා විසින් මෙම දැනුම්දීම ලිඛිතව සිදුකර ඇත.


ඊයේ (29) දිනයේ දී අදාළ දැනුම්දිම සිදුකර ඇති  අතර ඊයේ පස්වරු 2.00ට ජාතික ක්‍රිඩා සභාව රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී තිබී නැත.
ඒ ගැන අර්ජුන සොයා බැලීමේදී ඔහුට අදාළ ලිපිය යොමුවී ඇති අතර ඒ පිළිබඳව විමතියට පත් නොවන ලෙසත් අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත් සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
අර්ජුනගේ යම් යම් ක්‍රියා කලාපයන් මත සදාචාරාත්මකව ඔහුට එම තනතුරේ රැදී සිටින්නට බැරි බවද ලිපියේ සදහන්වේ.
අදාළ ලිපිය මාධ්‍ය වෙත යොමුව ඇත්තේ පහත පරිදිය.