
26 වැනිදා ටවුන්හෝල් අසල දී ජාතික ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් දැඩිලෙස රොගාතුර වූ 46 හැවිරිදි වෘත්තීය ඉංජිනේරු අජිත් ගමගේ දින 8 ක් තිස්සේම දැඩි ලෙස අසාධ්‍යව සිහි මූර්ජා තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සම්බන්ධව අදහස් දක්වමින් නීතිඥ අකලංක උක්වත්ත ඊයේ (4) පැවසීය.
ජාතික ජනබලවේගයේ නීතිඥයින් යේ (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ කාරනාව අනාවරණය කෙරිණි.
කැස්බෑව ප්‍රදේශයේ පදිංචි වී ඉංජිනේරු අජිත් ගමගේ දෙදරු පියෙකි. ඔහුගේ බිරිය වෘත්තීය වෛද්‍යවරියකි. ඔහු වයස අවුරුදු හතළිස් ගණනක අයෙකු බවත් මෙම කඳුළු ගෑස් ප්‍රහාරය මෙම තත්වයට හේතුවූ බවත් පෙන්වා දෙන ඔහු නුසුදුසු කඳුළු ගෑස් ප්‍රමාණයක් පාවිච්චි කළාද යන සැකය නිසා රස පරීක්ෂකට එහි සාම්පල යවා තිබෙන බවද මතක් කළේය.
“මටත් අත්දැකීමක් තිබෙනවා. මගේ කටහඬ තවමත් වෙනස් මෙතන විශාල පිරිසක් සිටින තැනකට කඳුළු ගෑස් එවැනි ආකාරයෙන් එල්ල කිරීම ගැටලුවක්” ඔහු පැහැදිලි කළේය. video below
Comments
Post a Comment
Your comment will be visible after approval