
කොටුව දුම්රිය ස්ථානයේ දමා ගොස් සිටි බිළිඳාගේ මව සිකුරාදා අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කළ ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස
පොලිස්පතිවරයා විශේෂ විමර්ශන කොට්ඨාසයට උපදෙස් දී තිබේ.මෙම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව මාධ්‍ය කැමරා කන්ඩායම් සමග ගොස් සිදු කර තිබූ අතර පසුව ඇයව පොලිසියේදී ප්‍රශ්න කිරීම වීඩියෝගත කර එය මාධ්‍ය වෙත බෙදාහැරීමට අනුබල දී තිබුණි.
අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ මව අපහසුතාවයට පත් කරමින් එම ක්‍රියාවලියේදී නුසුදුසු පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
එමෙන්ම ළමුන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිකුත් කර ඇති චක්‍රලේඛවලට අනුව එම නිලධාරියා කටයුතු කර නොමැති බවද අනාවරණය විය.
දින 13ක් වයසැති බිළිඳෙකු සීඝ්‍රගාමී දුම්රියක වැසිකිළියක දමා ගිය අඹුසැමි යුවළ සිකුරාදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ සිටී. ගැටලුවට හේතුවූ වීඩියෝගත සංසිද්ධිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval