whats-app-pannipitiya-hang-man

තමා මැරෙනවායි හිටපු පෙම්වතියට පේන්න ඇඳ ඇතිරිල්ලක් ගෙලෙහි ඔතාගෙන වට්ස් ඇප් ඔස්සේ ඡායාරූපයක් යැවූ පෙම්වතෙකු ඉන්පසු ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු සොයා බැලීමේදී ඇත්තටම මියගොස් සිටියදී සොයාගත් පුවතක් අද (21) පන්නිපිටිය ප්‍රදේශයේදී වාර්තාවී තිබේ.
බොරැල්ලේ විශ්වවිද්‍යාල පාඨමලා පවත්වන පෞද්ගලික ආයතනයක සිසුවෙකු ලෙස ඉගෙනුම ලබමින් සිටි 22 හැවිරිදි මෙම සිසුවා එම ආයතනයේම තවත් සිසුවියක සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇති අතර පෙම්වතිය ඔහුව එක්වරම හැරයාම නිසා ඔහුට එම වේදනාව දරාගන්නට අපහසුව තිබූ බව පැවසේ.


පෙම්වතියට සම්බන්ධය නැවත ආරම්භ කරන්නට යෝජනා කළත් ඇය අකමැතිවූ බව පැවසෙන අතර මේ හේතුවෙන් ඔහු ඇයව බියගන්වන්නට පවසා ඇත්තේ තමා ගෙල සිරකරගෙන මියයන බවයි.
සිත්වේදනාවෙන් පසුවන සිසුවාට ඇහුම්කන්දීමට හැරගිය පෙම්වතිය කාරුණිකවී ඇතිනමුත් ඔහු සමග නැවත සබඳතාව අරඹන්නට එකඟවී නැත.
මේ අනුව උපරිම පීඩන තත්වයට පත්වූ සිසුවා ගෙල ප්‍රදේශයට ඇද ඇතිරිල්ලක් දමාගෙන සිටින ඡායාරූපයක් පෙම්වතියගේ ජංගම දුරකතනයට යොමු කර තමා මියයන බව පවසා සටහනක් යොමු කර තිබේ.
ඔහුගේ ඡායාරූපය දැක කලබලයට පත් සිසුවිය නැවත ඔහුගේ අංකයට අවස්ථා ගණනාවකදීම ආමන්ත්‍රණය කළ නමුත් අනෙක් පැත්තෙක් ප්‍රතිචාර ලැබී නැත. මෙ හේතුවෙන් ඇත්තටම යමක් කරගත්තාදැයි බියට පත් සිසුවිය සිසුවාගේ දෙමාපියන්ගේ දුරකථන අංකයක් සොයාගෙන සිසුවාගේ පියාගේ අංකයට ඒ බව දන්වා ඇත. පණිවිඩය එවන අවස්ථාවේ සිසුවා සිටියේ පන්නිපිටියේ නිවසක කාමරයකය.


කිරිවත්තුඩුවේ නිවස පිහිටියත් පාඨමාලාවට යාම සඳහා පන්නිපිටියේ මිතුරෙකුගේ නිවසේ බෝඩිංවී සිටි සිසුවා බලන්නට ලහිලහියේ පියා ගොස් තිබු අතර කාමරය විවර කර බලද්දී කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී සිසුවාගේ සිරුර හමුවී ඇත. සිසුවියට පෙන්වූ ඇඳ ඇතිරිල්ලේ එල්ලී ඔහු ඒ වනවිටත් මියගොස් සිටියේය.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් ගෙන ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපය හා වට්ස්ඇප්  ඔස්සේ යොමුකර තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපය සාක්ෂි වශයෙන් ලබාගැනීමට පොලිස් විමර්ශන අංශ කටයුතු කළේය.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.