
ඇප මත මුදා හැරුණු අන්තර් විශ්වවිද්‍යාලීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදළිගේ ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙසේ පැවසීය.
"ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න වෙලා. මහජන බලය ඉස්සරහා තක්කඩි ආණ්ඩුවට දණ ගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා. රාජපක්ෂලාට අකුලගෙන ගෙදර යන්න වුණාට පස්සේ ආණ්ඩුව මොකද කළේ, තක්කඩියෙක් ජනධිපති පුටුවේ ඉන්ඳගෙන වහසි බස් දොඩාගෙන එක එක දේවල් කරගෙන යනවා.
ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අපිව අත්අඩංගුවට ගත්තේ, ඒ මර්දනය පරාජය කරන්න සමත් වෙලා තියෙනව රටේ ජනතාව.
ඊළඟ දවසේ මොනවා හරි ඡන්ද ප්‍රතිඵලයක් ආවා කියලා ආණ්ඩුවට ඇලඩින්ගේ පුදුම පහනවත් රටේ ජනතාවට ඇලඩින්ගේ පුදුම පහනවත් හම්බුවෙන්නෙ නෑ, රටේ ප්‍රශ්න විසඳන්න. රටේ ජනතාවට තුන් වේල කන්න විදියක් නෑ. අපි ලෑස්ති නෑ මේ ආණ්ඩුව ඉස්සරහ දණ ගහන්න. මේක අරගලයේ තවත් ආරම්භයක්, මහජන බලය කියන්නේ මොකක්ද කියල අපි ඉස්සරහට පෙන්නන්නම්. ආණ්ඩුවට ඕනකම තිබුනේ අපිව ඝාතනය කරන්න පුළුවන්නම් අපිව ඝාතනය කරලා දාන්න. අපි හෙට දවසේදී ඒ සැළසුම් නම් ගම් එක්ක හෙළි කරනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval