
බාල වයස්කාර දරු තිදෙනා ද කැටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තංගල්ල කාර්යාලයට පැමිණි පුද්ගලයකු බිරිද නැවත ගෙන්වා දෙන ලෙස එහි නිලධාරීන්ට බල කර පසුව දරු තිදෙනා කාර්යාලය අසල අතහැර දමා ගොස් ඇතැයි
තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අතහැර දමා ගිය දරු තිදෙනා වයස අවුරුදු එක, අවුරුදු හය සහ අවුරුදු දහයක වයසේ පසු වන්නන් බවත් ඔවුන් පොලීසිය භාරයට ගත් බවත් තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙම දරු දෙදෙනාගේ මව පසුගිය වසරේ ජූලි මාසයේ රැකියාවක් සඳහා විදෙස්ගතව ඇති අතර ඇය නැවත ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඇගේ සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තංගල්ල කාර්යාලයට මීට පෙර පැමිණිල්ලක් කර තිබී ඇතැයි පොලිසිය කියයි. මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු ඊයේ 21 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයට කැඳවා තිබිණි යැයි පොලීසිය පැවසීය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු මෙම බාලවයස්කාර දරුවන් තිදෙනා ද සමග එම කාර්යාලයට පැමිණ පසුව දරු තිදෙනා එහි දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval