
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 5 වැනිදා සේපාල් අමරසිංහ මහතා අත්අඩංගුවට ගත් ගත් අතර ඔහු මාස දෙකහමාරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත බන්ධනාගාරගතව සිටියේය.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී
දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ විසින් දැනුම් දුන්නේය.
සේපාල් අමරසිංහගේ නීතිඥවරයා ‘ තම සේවා දායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාව ගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැද සිටින බව‘ දන්වා සිටි අතර
එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් දන්වා සිටියේය..
ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒ අනුව අද (21) තීන්දු කර ඔහු නිදහස් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval