
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට ඒ බව දැනුම්දී තිබේ.
ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇති බවට වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval