range-bandara-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය.
"මම දැක්කා ඊයේ කියනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නවා කියලා. ආනමඩුවෙත් හිටියා ඔය වගේ පොරක්.

ජාතික ජන බලවේගේ නම වෙනස් වුනා ඇරෙන්න, කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙලා නෑ. 71ත් 88ත්, 89ත් ඒ ගොල්ලෝ කොක්කෙන් කෙක්කෙන් තමයි ගන්න ගියේ. මේ ගොල්ලො ආයෙත් එන්නෙ ඒ ගේම් එකට. ජේවීපී එකේ ඉතිහාසය නොදන්නා තරුණ උදවිය අවධානය යොමු කරානම් හොදයි. මේ ගොල්ලො අනිත් අය බිල්ලට දෙනවා.



සජිත්ලගේ කදුළු ගැස් කාපු එකට 1500ක් ආවද කියන්නකො.ඔබේ රූපවාහිනී තිරේ කාචයට අහුවෙන ගාණ ලොකුවට පේනවා ඒත්එහෙම නෑ. සෙනග වැඩියි කියවල රැවටිල කට්ටිය ඔකට එනවා කොළඹට එනවා කඳුළු ගෑස් කනවා නානවා ආපහු ගමට යනවා. අපිත් කොච්චර පා ගමන් ආවද. අපි මොන උද්ඝෝෂණද නොකෙරුවෙ. දේශපාලනේදි බලය අවශ්‍යයි. බලය රනිල් වික්‍රමසිංහ මහත්තයා මොළේ පාවිච්චි කරල අරන් තියෙනවා.

ජනාධිපතිතුමා දකින වෙලාවේ කියන්නේ ඡන්දෙ කල් දාන්න කල් දාන්න කියලා. ඊට පස්සේ මහජනයා ඉස්සරහට ගිහිල්ලා බොරු සැන්ඩොලා වෙන්න කෑ ගහනවා අපි කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නවා කියලා. දවල් මිගෙල් රැ දැනියෙල්."