
පුත්තලම සෙම් බැස්ටිය ප්‍රදේශයේ පොල් වත්තක පිහිටි විශාල වතුර වළක ඇදවැටී වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමක පෙරේදා (23) අපවත්වී ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි. මෙසේ අපවත්වී ඇත්තේ අසූපස් හැවිරිදි හේමලතා මෙහෙණින් වහන්සේය.
මෙම මෙහෙණින් වහන්සේ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ වාසය කරමින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වයෝවෘද්ධව සිට නිසා මෙම මෙහෙනින් වහන්සේ තම දියණිය විසින් ඇය පදිංචිව සිටින නිවසට වැඩම කරවා ගෙන පැමිණ වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිට ඇප උපස්ථාන කරමින් රැක බලා ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.
මෙම නිවස පිහිටි පොල් වත්තේ පොල් පැළවලට වතුර දැමීමට විශාල ප්‍රමාණයේ වළක් හාරා තිබී ඇතැයි පොලිසිය කියයි.
මෙහෙණින් වහන්සේ මෙම පොල් වළට ඇද වැටී දියේ ගිලී අපවත්වී තිබෙන බව පොලිසිය කීය.
මෙම සිද්ධිය වන අවස්ථාවේ මෙහෙණින් වහන්සේගේ දියණිය මදුරන්කුලිය නගරයට ගොස් සිට ඇති අතර දියණියගේ සැමියා පොල් වත්තේ වැඩ කරමින් සිට ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මදුරන්කුලිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval