
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඊයේ (23) පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළුවීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයත් ඇතිවිය.
විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධය පළ කරමින් සිටින අතරතුර පොලීසිය එහි පැමිණ විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.
මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස තලංගම පොලීසිය භාරයේ පසුවෙයි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
ඔවුන් බැලීම සඳහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ තලංගම පොලීසියට පැමිණ තිබුණි.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval