polgolla-accident-mother-son-dies

අද (1) දහවල් කාලයේ පොල්ගොල්ලේ සිදුවූ අනතුරකින් ලංගම බස් රථයකට යටවී එකම පවුලේ මවක හා පුතෙකු මරණයට පත් වී තිබේ. මේ දෙන්නා යතුරු පැදියේ ගමන් කරමින් සිට ඇත.


 ගොකරැල්ල පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පොල්ගොල්ල පිරිවෙන අසලදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කළ ලංගම බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී එම බස්රථයේ බදෙහි ගැටී පෙරලී ගොස් දෙන්නාම බස් රථයේ පසු පස රෝදයට යටවීමෙන් මෙම අවාසනාවන්ත මරණ වාර්තා විය.


අනතුරින් බරපතල තුවාල ලැබූ මව හා පුතු ගොකරැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
රත්නායක නමැති පුතාට වයස 39 හා කමලාවති නමැති මවට අවුරුදු 62 වයස් වල පසුවන බව පොලිසිය පවසයි. මොවුන් දේවගිරිය, දිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයේ පසුවන සිය බිරිඳ බැලීමට තම මවද සමග  යතුරුපැදියෙන් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය දන්වා ඇත.
මෘත ශරීරයන් ගොකරැල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් කොළඹ සිට හොරොව්පතාන දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.