piyal-nishantha-japan

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ජපානයට සහ අනෙකුත් රටවලට අපනයනය කිරීමට අවකාශය සොයා බැලීමට
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ජපනයේ ඔසාකානුවර සමුළුවකට එක්වී
 විදෙස් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා තිබේ.


පසුගිය 02 දා ජපානයේ ඔසාකා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ව්‍යාපාරික සමුළුවට ආරාධිතයකු ලෙසින් සහභාගී වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේය.
පෞද්ගලික ආරාධනාවකට අනුව හයවන වරටත් සංවිධාන වූ බව කියන ව්‍යාපාරික සමුළුවටරාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ධීවර නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් තමා පසුවෙන බවත්, ඒ සඳහා මෙම සමුළුව හොඳ අවස්ථාවක් වූ බවත් සඳහන් කළේය.