patali-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"13 වෙනි සංශෝධනය ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ නිසා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න මං බැඳිලා ඉන්නවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාවේ තිබුණාය කිව්වට ව්‍යවස්ථාවට මේක ආවේ කොහොමද කියලා ගත්තම සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට තමයි ආවේ.



ආයුධ බිම දමනවා කියන ඉන්දු ලංකා ගිව්සුමේ අතුරු පරිච්ඡේදේ බොහොම නිශ්චිතව සඳහන් කරලා තිබුණා. ඒ ගිවිසුම සම්පූර්ණයෙන්ම කඩකළා. ආයුධ බිම තැබුවෙ නෑ කොටි සංවිධානය. සුදු මලේ රැස්වීමක් තියලා ප්‍රභාකරන් ඒක කළේ නෑ. අපිත් පළාත් සභා ක්‍රමේට විරුද්ධයි.  

මානව හිමිකම් වගන්ති එකක්වත් මේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. උතුරෙන් නැගෙනහිරෙන් පන්නලා දාපු මිනිස්සු නැවත පදිංචි කිරීමේ වැඩ පිළිවෙලක් නෑ.
එල්ටීටී සංවිධානේ ප්‍රභාකරන්ගෙන් පස්සේ බිහි වෙච්ච නායකයා නිරුපද්‍රිතව ඉන්නව නම් 'කුමාරම් පත්මනාදන්' මේක විහිළුවක්.

ජනාධිපතිතුමා කරන්න ඕනේ, පළාත් සභා පනතේ අඩු පාඩු ටික මඟ හරවලා පළාත් සභා ඡන්දේ තියන්න ඕනේ. අන්න ඒකයි කරන්න ඕනේ.



ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්‍ය බළකාය, ලංකාවේ හමුදාවන් සිංහල තරුණයෝ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය අපි 87, 89 දි දැක්කා. අපිත් ඒ මර්දනයට ලක් වුණා.

අද මොකක්ද මේ පහුගිය දශක දෙකේ ඉල්ලීම. පොලීසිය ස්වාධීන කරන්න. එක දේශ බන්දු තෙන්නකෝන් කෙනෙක් නිසා රටේ ඇතිවෙච්ච තත්වය අපි දන්නවා.  ජේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරු  9 දෙනෙක් දාගෙන මහ ඇමති යටතේ පාලනේ කරන්න ගියාම කොයි වගේ තත්වයක් ඇති වෙයිද?"