
හෙට මාර්තු 01 වැනිදා වරාය, බැංකු,ගුරු, රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා රැසක් වැඩ වර්ජනයක නිරතවන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දන්වා ඇත.
රටපුරා වැඩවර්ජන,අකුරට වැඩ කිරීම්, උද්ඝෝෂණ පාගමන්, කළු ඇඳුම් ඇඳීම ආදී විරෝධතා ක්‍රියාමාර්ග වල නිරතවන බව දන්වා ඇත. මෙම විරෝධතාවේ අරමුණු වන්නේ පහත ඒවාය.
- බැංකු පොලිය අඩුකරන්න
- විදුලිය ජලය තෙල් මිල අඩු කරන්න
- ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්න
- අසාධාරණ බදු පහත දමන්න
- විශ්‍රාමික වැටුප් ප්‍රමාදය අවසන් කරන්න
- රජයේ දේපළ විකිණීම නවතන්න
- රු 25000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන්න
- ඖෂධ හිගයකින් තොරව ලබාදෙන්න
- සමෘද්ධි කප්පාදුව නවතන්න
මේ අතර වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවයි.
මෙම ගැසට් නිවේදනය නිකුත් වන්නේ රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මාර්තු 1 වැනිදා දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර ඇති පසුබිමකය.

Comments
Post a Comment
Your comment will be visible after approval