man-prison-death-sentenced-after-15-years

සිය බිරිදගේ අනියම් සැමියාගේ පපුවට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට වරදකරු වූ දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (06) මරණ දඬුවම් නියම කළේය.  සිය බිරිඳ ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී එම රථය හරස් කර නවතා ඇති කරගත් ගැටුමකින් අනතුරුව මරණකරුට පහරදී  ඇත්තේ විත්තිකරුම බව පමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අනෙකුත් තුවාල ඇතුළු මරණකරුගේ හෘදය සහ පෙනහැල්ල කැපී යන ආකාරයට පිහි පහරවල් 16ක් එල්ල කර ඇතැයි විත්තිකරුට මරණීය දඬුවම නියම කරමින් දැනුම් දුන්නේය.



මීට වසර 15කට පෙර මෙම ඝාතනය විත්තිකරු විසින්ම සිදුකරනු ලැබ ඇති බව පැමිණිල්ල විසින්  සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඬුවම් නියම කරන ලද්දේ නගර සභා සේවකයකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු වන රසික මදන් හෙවත් මධුෂ් නමැති දෙරු පියකුටය.  2008 මාර්තු මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මෝදරදී එච්.එම්. ඉන්දික හෙවත් අශාන් නමැත්තාගේ මරණය සිදුකළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා  තිබිණි. ම

ේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී විත්තිකරු ත්‍රිරෝද රථයකින් පැමිණ එය හරස් කර  නවතා ඇතිකරගත් ඇතිකරගත් ගැටුමකින් අනතුරුව මරණකරු මියගොස් ඇති බවත් එම අපරාධය කර ඇත්තේ විත්තිකරු ම බවත් ඔහුට මරණ දඬුවම නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළේය.

මනෝප්‍රිය ගුණසේකර