man-collects-lottery-prize-in-disguise-to-protect-identity-from-wife

තමන්ට ලැබුණ ලොතරැයි ජයග්‍රහණයක් වසර 2 කට වැඩි කාලයක් බිරියගෙන් සඟවා තිබීම හේතුවෙන්  බිරිඳට වන්දි ගෙවන ලෙස ස්වාමියාට බල කරන ලද පුවතක් චීනයෙන් වාර්තා වේ.

යුවාන් මිලියන 10ක (ඩොලර් මිලියන 1.5ක) ලොතරැයි දිනුමක් තම භාර්යාවගෙන් වසර දෙකකට වසන් කළ චීන ජාතිකයා විශ්වාසය කඩකිරීමේ වරද වෙනුවෙන් අධිකරණය වරදකරුවෙකු කර තිබේ.



2021 දී, ෂෝ යන වාසගම සහිත මේ පුද්ගලයා යුවාන් මිලියන 10 ක ලොතරැයි ත්‍යාගයක් දිනා ගෙන ඇති බව සඳහන් වන අතර අනිවාර්ය බද්ද ගෙවීමෙන් පසු ඔහුට ඉතිරි වූයේ මිලියන 8.43 (ඩොලර් මිලියන 1.23)ක් බව සඳහන් වෙයි. නමුත් එම මුදල ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ ජීවිත සමෘද්ධිමත් කිරීම වෙනුවට, ඔහු කිසිවක් සිදු නොවූවාක් මෙන් ක්‍රියා කර ඇත. මෙම ලොතරැයි ත්‍යාගය ඔහුගේ බැංකු ගිණුමට සම්බන්ධ කළ දිනයේ, ෂෝ ඔහුගේ සහෝදරියට මිලියන 2ක් සහ තවත් යුවාන් 700,000ක් ඔහුගේ හිටපු බිරිඳටමහල් නිවාසයක් මිලදී ගැනීමට සඳහා පරිත්‍යාග කර ඇති නමුත් වසර දෙකක් පමණ කාලයක් ඔහු තම බිරිඳට ලොතරැයි දිනුම ගැන සඳහන් කර නැත.



ෂෝ ගේ බිරිඳ ඔහුගේ මෙම වංචාව ගැන දැනගැනීමෙන් පසු ඇය දික්කසාද වීමට ලියකියවිලි ගොනු කළ අතර ලොතරැයි ත්‍යාගය කපා හැරීම සම්බන්ධයෙන් ඔහුට නඩු පවරා ඇත.  ලොතරැයි ත්‍යාගය ජයග්‍රහණය කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා විවාහ වී සිටි බැවින්, එම මුදල අඹුසැමියන් දෙදෙනාගේ පොදු දේපලක් ලෙස සැලකෙන නමුත් ෂෝ ඔහුගේ බිරිඳගෙන් ජයග්‍රහණය වසන් කිරීමට බොහෝ වෙහෙස මහන්සි වී තිබූ නිසා, ඇය සැබවින්ම යුවාන් මිලියන 2.7 න් තුනෙන් දෙකක් ඉල්ලා සිටි බව වාර්තා වෙයි. ඔහු තම සහෝදරියට සහ හිටපු බිරිඳට මුදල් යවා ඇත්තේද ඇයගේ අනුමැතියකින් තොරවය.
පෙබරවාරි 1 වෙනිදා, වෙන්ෂෝ අධිකරණය විසින් සඟවා තිබූ ජයග්‍රහණවලින් සියයට 60 ක් ලබා දීම සඳහා කාන්තාවගේ ඉල්ලීමට එකඟ වූ අතර, කිසිදු පාර්ශවයක් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉල්ලා නැත.

මෙම කතාව චීනයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වූ අතර, බොහෝ දෙනා තම පොදු දේපළ සම්බන්ධයෙන් තම බිරිඳට සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් ෂෝට බොහෝ සේ දොස් පවරා තිබුණි.