
තරුණියකගේ ජංගම දුරකතනයට අසභ්‍ය ඡායාරූපයක් යැවූ තරුණයන් දෙදෙනකු ඉකුත් 24 වැනිදා අත්අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම අනුරාධපුර පදිංචි අවුරුදු 24 සහ 25 වයසේ පසුවන තරුණයන් දෙදෙනකු බව පොලිසිය කියයි.
මෙම තරුණයින් දෙදෙනා දින ගණනාවක පටන් තරුණිය හඳුනාගෙන විවිධ දේ ජංගම දුරකතනය හරහා එවා ඇතත් තරුණිය ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
අවසාන වශයෙන් මෙම තරුණයන් දෙදෙනා පුරුෂයකුගේ රහස් පෙදෙසේ ඡායාරූපයක් දුරකතනයට එවීම පිළිබඳව කලබලයට පත්ව තරුණිය මේ සම්බන්ධයෙන් තම මව්පියන් දැනුවත් කර මදුරන්කුලිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය දුරකතන තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වා තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
ලලිත් නවරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval