
මීගමුව කොච්චිකඩේ තෝප්පුව ප්‍රදේශයේ වයස 17 පාසල් සිසුවෙකු දියට පැන අතුරුදන්වූ පුවතක් හා ඔහු හා සම්බන්ධ වෙනත් සිද්ධියක් පොලිසිය වාර්තා කර තිබේ.
මේ කියන සිසුවා තවත් සිසුවෙකුට අයත් රුපියල් ලක්ෂ 3 කට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථනයකට අලාභහානි සිදුකිරීමේ සිදුවීමක් වාර්තාවී තිබෙන අතර එම අලාභය නිසා දුරකථන හිමිකාර සිසුවා පොලිස් පැමිණිල්ලක් කර තිබුණි.
ඒ අනුව පෙරකී සිසුවා පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී තමා අතින් වූ වැරැද්ද ඔහු පිළිගෙන තිබූ අතර අලාභය ගෙවන්නට එකඟවී ඇත.
නමුත් එකවර අලාභය ගෙවන්න මුදල් නැති බවත් කොටස් වශයෙන් එය ගෙවන බවත් පවසා පොලිසියෙන් පිටව ගොස් තිබුණි.
එලෙස පිටව ගිය 12 වනදා සවසම මෙම සිසුවා ගඟට පැන අතුරුදන්වූ බවට සිසුවාගේ පියා පොලිසියට පැමිණිලි කර තිබේ. ඔහු දිවි නසාගැනීමේ අදහසින් ගඟට පැන ඇතැයි සැකකරන අතර කිමිදුම් කරුවන්ගේ සහායෙන් ඔහු සොයමින් සිටින බව පොලිසිය සඳහන් කළේය. සිද්ධියට අදාළ පොලිස් වාර්තාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval