
පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය 68.8%කින් ඉහළ ගොස් ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශගත වුවහොත් මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක පමණ විදෙස් ප්‍රේෂණ ලබාගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද ගුණවර්ධන මහතා කීවේය.
පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (14දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නවෝද්‍යා පවනි
Comments
Post a Comment
Your comment will be visible after approval