
රාජකාරියේ යෙදී සිටි ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරියකුට පහර දී පලාගොස් සැඟව සිටි කාන්තාවක පෙරේදා (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පැවැසීය.
කාන්තාව ඉකුත් 15 වැනිදා ජාඇල නගර මධ්‍යයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පහර දී පලාගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ වැඩසටහනකට සහභාගි වී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයකින් ජාඇල පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී හිස් වැසුමක් ද නොමැතිව යතුරුපැදියක් හිටගෙන ධාවනය කරන කාන්තාවක නිරීක්ෂණය වී ඇත.පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය නවතා කාන්තාව පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම කාන්තාව පොලිස් නිලධාරියකුට වැරෙන් පහර දී යතුරුපැදිය ද එම ස්ථානයේම දමා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ ඇය ජාඇල බංඩිගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණද ඇය නිවෙසේ නොසිට සැඟව සිටීම නිසා පොලිසියට ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි. අත්අඩංගුවට ගැනුණ සැකකාරිය පොලිස් රාජකාරියට බාධා කරමින් නිලධාරියකුට පහර දීම, හිස් වැසුම් නොමැතිව අපරික්ෂාකාරී අයුරින් යතුරුපැදියක් ධාවනය කිරීම යන චෝදනා යටතේ 22 දින වැලිසර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
ප්‍රසංග පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval