hirunika-speaks

සමඟි වනිතා බල වේගයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වුනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ පැවසුවාය.



"මේ තැපැල් ඡන්දය සඳහා රාජ්‍ය සේවකයෝ වෙනුවන් සමඟි වනිතා බල වේගය විදිහට අපිට යෝජනා තියෙනවා. නගර සභා ප්‍රාදේශීය සභා යටතේ දියත් කෙරෙන සියළුම පෙර පාසල් දොළහ වෙනකොට වහනවා. දොළහෙන් පස්සේ හවස්වරුව වෙනකම් ඒවා දිවා සුරැකුම් මධ්‍යස්ථාන විදිහට පිහිටුවන්න. රාජ්‍ය සේවකයො තමයි විශාල ආතතියකින් ඉන්නෙ. සීයට හැත්තෑවක් අසූවක් විතර අවංකව සේවය කරනවා. සමහරක් වැරදි වැඩ කරන නිලධාරීන් ඉන්නවා.



සියළුම ස්ථාන අපි ලාභ ලබන ස්ථාන බවට පත් කරනවා. අසූ ගණන් වල කරපු දේවල් මතක කිසිම පුද්ගලයෙක් ඒ වගේ පක්ෂයක් නම් තෝරගන්නේ නෑ. අපි රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලනවා ඔබට සුවදායී අනාගතයක් හදන්න තියෙන එකම ඔප්ශන් එක සමඟි ජන බල වේගය කියලා.

මේ ලොකේ මොන රාජ්‍ය ආයතනයද මුලින් මුදල් අරන් මේ දේවල් කළේ. මැය කියන විදිහට ලංකාවේ පළවෙනි අවස්ථාව මුදල් මුළින් අරගෙන ප්‍රින්ට් කරන. මෙතුමිය මිලියන දෙසීයක පමණ ප්‍රමාණයක දැනට ප්‍රින්ට් කරලා තියෙනවා කියලා ආරංචී. තව අපිට ඕන වෙන්නෙ එකසිය ගානක වගේ ප්‍රමාණයක් මං හිතන්නේ.



ව්‍යාපාරිකයිට අනාගත‍ෙදී තමුන්ගේ ව්‍යාපාරයක් හරි ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබෙන්නේ, IMF එකෙන්, විදේශීය ආයතන වලින් ලැබෙන මොකක් හරි ලැබෙන ප්‍රතිලාභයක් ලබාගත්තොත්.  ජනාධිපතිතුමාගෙ ඔය උද්දච්ච කම පැත්තකින් තියලා එතුමට පුළුවන් ඉල්ලන්න ව්‍යාපාරිකයින් සහ පිටරට ඉන්න ව්‍යාපාරිකයින්ගෙන් කීය කීය හරි එකතු කරගෙන මේ ඡන්දේ තියන්න පුළුවන්.

අන්තිම දැන් සල්ලි නෑ කියලා කියනවා ඡන්දේ තියන්න. මේක හරිම වැරදී. මෙතුමට මේක කියන්නවත් අයිතියක් නෑ. ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන අයිතියක්. අපි ජනාධිපතිතුමාට කියා සිටිනවා ඔව් ඔයාලා පාරද වෙනවා ඔව් පොහොට්ටුවත් පරාද වෙනවා මෙ සැරේ සෑම නගර සභාවක්ම ප්‍රාදේශීය සභාවක්ම පිහිටුවන්නේ සමඟි ජන බල වේගය. මැතිවරණය තියන්න. නොතිබ්බොත් සමඟි ජන බල වේගයේ සියළුම කණ්ඩායම් එළියට අරගෙන අපි මේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සටන ගෙනියනවා."