embilipitiya-murder

ඊයේ (04) උදෑසන ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේදී කාන්තා මළ සිරුරක් ඇති බවට පොලිසියට ලැබුණ පණිවිඩයක් මත ඇඹිලිපිටිය පොලිසිය ගොස් විමර්ශන ආරම්භ කර තිබුණි.


මියගිය අය වයස අවුරුදු 58 ක් වන වීරියගම, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් ඇයගේ දියණිය මීට පෙරදින (03) සූරියවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් තම මව පැහැරගෙන ගොස් ඇති බවට සඳහන් කර තිබූ බවත් පොලිසිය පවසයි.
මෙම මරණය හා සම්බන්ධිත වෙනත් කාරණාවක්ද පොලිසියට සැලවී තිබේ.
මියගිය අයගේ පුතා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවත්, එහි හිමිකරුගේ බිරිඳ සමඟ ඔහු අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබෙන බවත් වාර්තා විය.
අනතුරුව මැගේ පුතු හා හෝටල් හිමිකරුගේ බිරිය පළා ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් සොයා හෝටලයේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු හැමතැනම ගොස් ඇති බවත් පසුව ඔවුන් පැමිණ පලිගන්නා අදහසින් මියගිය මව මෝටර් රථයකින්
 පැහැරගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇත. මවගේ දියණිය පොලිසියට පැමිණිලි කර තිබුනේ එම සිදුවීමය.


එසේ පැහැරගත් මව මරාදමා ඇගේ සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද මාර්ගයේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ.
මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා දේහය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අපරාධකරුවන් පළාගොස් තිබෙන අතර මේ සම්බන්ධව ඇඹිලිපිටිය හා සූරියවැව පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.