
නිදහස් ජනතා සන්ධානය මඟින් පවත්වන්නට යෙදුනු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.
"අපි නිදහස සමරන්න හදන්නෙ පාර්ලිමේන්තුව වහලා, ජාතික මැතිවරණයක් මධ්‍යයේ පළවෙනි වතාවට ඉතිහාසයේ, හැත්තෑ පස්වෙනි නිදහස සමරන්නෙ පාර්ලිමේන්තුව වහලා. අපි ඒකට විරෝධය පළ කරනවා.
ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයින් තමන්ගේ දුක කදුළු වගුරවන ආකාරය මැතිවරණය සම්බන්ධයෙන් අපි දැක්කා.
නිදහස් ජනතා සන්ධානය හැටියට අපි තරඟ කරන්නෙ පළාත් පාලන ආයතන 207කට විතරයි. ලංකාවම අපිට දිනන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ, ඒක දේශපාලන කයිවාරුවක් වෙනවා. අපි තරඟ නොකරන සෑම තැනකදීම අපේ විරුද්ධ පක්ෂය නියෝජනය කරන සෑම දෙනාටම සුභ පතනවා, ඔවුන්ට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.
පරාජිතයා නියතයක්. මේ රටේ ජනතාවට තේරෙනවා අලියගෙ වලිගේ එල්ලිලා දිව්‍යලෝකේ යන්න උත්සහගනිපු පොදු ජන පෙරමුණේ දේශපාලන ගමරාලලාට ලැබෙන දේත්, නෙළුම් නෙලන්න කියලා මඩට බැහැපු එක්සත් ජතික පාක්ශිකයින් මඩේ එරිලා ඉන්නා ආකාරයක් පිළිබඳව මාර්තු 10 වෙනිදා දැක ගන්නට පුළුවන්. ආණ්ඩුවට තියෙන්නෙ නියත වශයෙන්ම තමන්ට වරමක් නෑ කියලා තේරුම් ගන්න විතරයි."
Comments
Post a Comment
Your comment will be visible after approval