
දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවූ තරුණ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සිය දරුවා බේරා ගැනීමට මැදිහත් වූ පියෙකුට යකඩ පොල්ලක් එල්ල කරන ලද පහරකින් 19දා රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දේවාලේගම පොලීසිය පැවසීය.
දේවාලේගම, හැලමඩ විමලාගම පදිංචිව සිටි විමලරත්න රණසිංහ (59) නමැති පස් දරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
විමලාගම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති වොලිබෝල් ක්‍රීඩා තරගයක් අතරතුර පහරදීමකින් මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මරණකරුගේ දරුවා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත. දේවාලේගම පොලීසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර, උපපොලිස් පරීක්ෂක චන්ද්‍රපාල ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
චමින්ද ජයලත්
Comments
Post a Comment
Your comment will be visible after approval