
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කොස්තාපල්වරියක පෙරේදා (15) අලුයම් කාලයේ කාන්තා භට නිවසේ නානකාමරයේ ඇඟ සෝදමින් සිටින අතරවාරයේ ජංගම දුරකථනයකින් වීඩියෝ කළ බව කියන එම පොලිස් ස්ථානයේම රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
කොස්තාපල්වරිය නාන කාමරයට ගොස් ඇඟ සෝදමින් සිටින අවස්ථාවේ සැකකාර කොස්තාපල් හොර රහසේ ජංගම දුරකතනයකින් වීඩියෝ කරන ආකාරය දැක ඇය ඒ බව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත. පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකාර ආධුනික කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරිය ඇඟ සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ තුනක් එම දුරකථනයේ තිබී ඇති අතර කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන චෝදනාව යටතේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් මේ සම්බන්ධයෙන් මූළික විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval