
මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් උපකාරක පන්ති ගුරුවරයෙකු හා සිසුන් තිදෙනෙකුමියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ වාර්තා විය.
කොක්කඩිචෝලේ, තාන්තාමලේ ප්‍රදේශයේ මීනච්චිඔඩෙයි වැවේ විනෝද චාරිකාවක් ගිය පිරිස එහි ගත කරද්දී අබලන්වූ ඔරුවකින් ඔරු පදිමින් සිටි සිසුන් තිදෙනෙකු ඔරුව සමඟ දියේ ගීලි ඇති අතර,
ඔවුන් බේරා ගැනීමට ගිය උපකාරක පංති ගුරුවරයෙකු ද මෙලෙස දියේ ගිලී මියගොස් තිබුණි.
ගිලුණු අයගේ සිරඑුරු මුලින් අතුරුදන්ව තිබූ අතර පසුව කළ මෙහෙයුමකින් පසු සිව්දෙනාගේම සිරුරු සොයාගන්නා ලදි.
27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු මෙලෙස හමුවිය.
පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් මෙම චාරිකාව සඳහා එක්ව තිබූ බව පොලිසිය පවසයි.
11 වසර සාමාන්‍ය පෙළ උපකාරක පංතියට සහභාගී වීමෙන් අනතුරුව විනෝද චාරිකාව සඳහා පිටත්ව ගිය ඔවුන් ඔරු පැදීමට සැලසුමක් තිබුනේ නැති බවත් ඔවුන් එම ස්ථානයට ආවේ ආහාර පිස ආහාර අනුභව කරන්නට බවත් පවසා තිබේ.
එහිදී සිසුන් තිදෙනෙක් අබලන් වූ ඔරුවක නැඟී වැවේ ඔරු පදින්නට කටයුතුකර ඇතිඅතරගුරුවරුන් එය වළක්වා නොතිබුණි.
මියගිය සිසුන්දයාබරන් කිර්තු, සත්‍යාශීලන් දිනේශන් සහ වීරසිංහම් නිදුෂන් ලෙසත් ගුරුවරයා යෝගේස්වරන් කිවේදන් ලෙසත් හඳුනාගෙන තිබේ.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසුව මියගිය සිව්දෙනාගේ දේහයන් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොක්කඩිචෝලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval