
ඇමරිකාවේ පෙන්සිල්වේනියාහි අවුරුදු 2 ක දැරියකගේ ගෙලෙහි කේක් සෑදීමට ගනු ලබන බඳුනක් සිරවී තිබී ඉවත් කර ගැනීමට නොහැකිවීම නිසා සිදුවූ අකරතැබ්බයක් ගිනි නිවන භටයින්ගේ ඉදිරිපත්වීම නිසා නිරාකරණය කරගත් පුවතක් වාර්තාවේ.
මිෆ්ලින් ප්‍රාන්තයේ එරින් මීක්සෙල් මව පැවසුවේ ඇගේ දියණිය වන ක්වින්ලි ඒන්ජල් කේක් සෑදීමට ගනු ලබන බඳුන සමඟ සෙල්ලම් කර සිට ඇති බවයි. අනතුරුව එහි මැද කොටස ඉවත් කර ඇති අතර ඇය එම බඳුන හිසට දමා සිර කරගෙන ඇත.
ඒ අනුව ගෙළෙහි සිරවුණ බඳුන ඉවත්කරගැනීමට ඇය උත්සාහ කළද නොහැකිවී ඇත.
ඉක්මණින් ක්‍රියාත්මක වූ මීක්සෙල් ලුවිස්ටවුන්හි ඇති ජන්ශන් ෆයර් සමාගමට ඇමතුමක් ලබා දී ගිනි නිවන භටයින් නිවසට කැඳවා තිබෙයි.
ගිනි නිවන භටයෝ එම සිරවූ බඳුන අඩුවකින් කපා ඉවත් කර කුඩා දැරිය නිදහස් කර ගැනීමට සමත් වූහ. මෙම වෙනස්ම විදියේ මෙහෙයුමට අදාළ ඡායාරූප ෆේස්බුක් වෙතද මුදා හැර තිබේ.
මීක්සෙල් පැවසුවේ තම දියණිය මින් පසු හොඳින් සහ ඉතා සෙවිල්ලෙන් රැක බලා ගන්නා බවයි. මෙම දැරිය කුඩා කාලයේ දීද, ඇගේ කකුල් ප්ලාස්ටික් පුටුවක සිරවී තිබී ඇයව බේරාගත් බව මව පැවසුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval