
අරාවත්ත ප්‍රදේශයේ නිවසක සිටි 12 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක අපයෝජනය කළැයි 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවෙකු ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
මහියංගණ අරාවත්ත 51 කණුව ප්‍රදේශයේ පදිංචි මහියංගණ ඔරුබැඳිවැව ප්‍රදේශයේ විදුහලක 9 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. අපයෝජනයට ලක් වූ බව කියන මහියංගණ අරාවත්ත ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහියංගණ රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය පැවසීය.
මෙම සිසුවිය තනිව නිවසේ සිටියදී යාබද නිවසේ පදිංචි සැකකාර සිසුවා එම සිසුවියගේ නිවසට ගොස් ඇය අපයෝජනය කර ඇති බවද පොලීසිය පවසයි. මෙම සිසුවා මීට පෙර අවස්ථා කීපයකදී මෙසේ සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු අනාවරණය විණැයි පොලිසිය පවසයි. මහියංගණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ප්‍රසාද් රුක්මල්
Comments
Post a Comment
Your comment will be visible after approval