
රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක්
රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල ලෙස බව හැගවෙන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන්
තොටුපළ පොලීසිය මගින් අද (25දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
33 හැවිරිදි මෙම රුසියානු ජාතිකයා , ඔහුගේ 26 හැවිරිදි රුසියානු ජාතික බිරිඳ සහ 09 හැවිරිදි පුතා
රුසියාවේ මොස්කව් නුවර වෙත පිටත්ව යාම සදහා අද දහවල් 12.10 ට එරොෆ්ලොට් ගුවන් සේවයේ
එස්.යූ.- 789 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මොවුන් කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි වී සිටිමින් රැසියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන්
ගෙන්වීමේ සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක නිරත වී සිටිති .
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසීමේදී ඔවුන්ගේ ගමන් මල්ලේ මෙම පිස්තෝල ඇති බව ගුවන් තොටුපළ
ආරක්ෂක නිලධාරීන් සිදු කළ පරිලෝකන යන්ත්‍ර (Scan) පරීක්ෂාවේ දී අනාවරණය වී තිබේ.
ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම රුසියානු
ජාතිකයන් පිරිස අත් අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් විමසීමකදී මෙම පිස්තෝල වල උණ්ඩ නිකුත් කිරීමට කොකෙකු
( Trigger ) නොමැති බවත් එහෙත් උණ්ඩ ගමන් කරන බටය යකඩ වලින් නිර්මාණය කර තිබීම සැක
කටයුතු බවත් ප්‍රකාශ කර සිටී.
එනිසා මෙම පිස්තෝල 01/26 දිනයේ කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සදහා
ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ පොලීසිය තීරණය කර ඇති අතර , එහිදී මෙම පිස්තෝල සෙල්ලම්
ඒවා ද , නැති ද යන තීරණය මත මෙම රුසියානු ජාතික යුවළ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිත බව
පොලීසිය වැඩිදුරටත් පැවසීය .
මේ වනවිට මෙම රුසියානු ජාතික යුවළ වෙනුවෙන් මේ වනවිට නීතීඥවරයෙකු ද කටුනායක ගුවන් තොටුපළ
පොලීසිය වෙත පැමිණ සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval