
දරු දෙදෙනකුට වස පොවා තමා ද වස පානය කර අසාධ්‍ය තත්වයකින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටි තිස් එක් හැවිරිදි මව ද පෙරේදා (03) පස්වරුවේ මියගොස් ඇතැයි නාල්ල පොලිසිය පවසයි.
මීරිගම ලෝලුවාගොඩ තලහේන පදිංචිව සිටි නිලුකා සංජීවනී නමැත්තිය එසේ මිය ගොස් ඇත. මිය ගොස් ඇති තැනැත්තිය සිය නිවස තුළදී එකොළොස් හැවිරිදි දැරියට හා පස් හැවිරිදි දරුවාට බලහත්කාරයෙන් වස පොවා ඇය ද වස පානය කර අසාධ්‍ය තත්වයකින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිටිය දී එසේ මිය ගොස් ඇති බව ද පොලිසිය කීය.දරුවන් දෙදෙනාද අසාධ්‍ය තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ අතර, පස් හැවිරිදි දරුවා මෙයට පෙර මියගිය බවත්, අට හැවිරිදි දැරිය එම රෝහලේ තවම ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය සඳහන් කරයි. මිය ගොස් ඇති කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (04) වතුපිටිවල මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. දරුවන් දෙදෙනාට වස පොවා මව ද වස පානය කර ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න හෙළි වී නැත.
වාරණ ආනන්ද ඉ ජයකොඩි
සිද්ධියට අදාළ පෙර විස්තරය
දහඅතේ ණය වුණු මව දරු දෙදෙනාටත් දී වස බීලා -පිරිමි දරුවා මරුට මව හා දියණිය දැඩි සත්කාරයේ
Comments
Post a Comment
Your comment will be visible after approval