
රත්නපුර මහ සමන් දේවාලයේ පඬුරු තැන්පත් කර තිබූ කාමරයට පෙරේදා (9) අලුයම ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ මුදල් පිරවූ පෝර උරවලින් ලක්ෂ ගණනක මුදල් සොරාගෙන ගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි. මහ සමන් දේවාලයේ බස්නායක නිල කාමරයට ආසන්නයේ මෙම මුදල් කාමරය ඇති අතර වහලයේ උළු ඉවත්කර දැල කඩා එතනින් පුද්ගලයකු ඇතුළු වී ඇති බවට සැකකරන බව ද පොලිසිය පවසයි.
ඉකුත් 29 වැනි දින ද මෙම මුදල් කාමරයට ඇතුළු වීමට ද කිසියම් පුද්ගලයකු උත්සාහ කර තිබූ බවට බස්නායක නිලමේවරයා පොලිසියට පැමිණිලිකර තිබූ බව ද රත්නපුර පොලිසියේ නිලධාරියෙක් පැවසීය.මුදල් තැන්පත් කරන කාමරයේ දොරවල් ඉබි යතුරු දමා බෞද්ධ කටයුතු අමාත්‍යාංශය මුද්‍රා තබන අතර පසුව බැංකුවට දන්වා එම මුදල් ගණනය කරන බව ද සමන් දේවාලයේ ආරංචි මාර්ග කියයි. පෝර උරවල තිබූ රුපියල් පන්දහසේ දහසේ සහ පන්සියයේ මුදල් මිටි රැගෙන ගොස් ඇතැයි ද පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval