
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා අද (15) යාපනයට ගොස් තිබියදී විරෝධය පා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ අතුරුදහන් වුවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.
විරෝධතාකරුවන් යාපනය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් නල්ලුර් ප්‍රදේශයට යාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය විසින් අරසඩි මංසන්දියේදී එය වැළැක්වීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval