power-cut-jan30-31

අද (30) හා හෙට (31) විදුලි කප්පාදුව සිදු නොකරන බව විදුලි බල මණ්ඩලය දන්වා ඇත.
හේතු වශයෙන් සදහන් කර ඇත්තේ ජල පෝෂක ප්‍රදේශ වලට ප්‍රමාණවත් වැසි ලැබීමය. මෙම තීරණය ලබාගත්තේ තමන්ගේ මැදිහත්වීමෙන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ  සභාපති ජනක රත්නායක මහතා නිවේදනයකින් දන්වා ඇත.
ඔහු අද (30) දවස මේ ගැන දන්වා ඇත්තේ පහත පරිදිය.



2023 ජනවාරි 30
ප්‍රවෘත්ති නිවේදනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ දිනයේදී (ජනවාරි 29 වැනි දින) මහවැලි අධිකාරියෙන්/ජල කළමණාකරන කාර්යාලයෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද දිනයේ සිට විදුලිය කප්පාදුවෙන් වැළකිය හැකි පරිදි ප්‍රමාණවත් ජල සංචිත මුදා හැරීමට මහවැලි අධිකාරිය/ජල කළමණාකරන කාර්යාලය තීරණය කර තිබේ. මෙම නිර්දේශය හේතුවෙන් ජනවාරි 30 සහ 31 යන දිනයන්හිදි විදුලි කප්පාදුවක් සිදු නොවේ.  
උසස් පෙල විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ජල බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රමාණවත් ජලය සැපයීම සම්බන්ධයෙන් ජල කළමනාකරණ කාර්යාලය පෙබරවාරි 1 වැනි දින නැවත රැස්වී තීරණය කරනු ඇත.


ඉදිරි දිනවලදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා‌ කරන හෙයින් විභාග කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීමට එය රුකුලක් වන බව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා ඇත
ජල බලාගාර වලට අමතරව ප්‍රමාණවත් පරිදි විදුලිය ජනනය සදහා අනෙකුත් බලාගාර අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම සදහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) ට නියෝග කර ඇත.
මෙම නියෝග පරිදි කටයුතු කිරීමෙන් උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුලදී අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්ථාවරයයි.
ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව