meerigama-accident

විශ්වවිද්‍යාල සිසුවකු පැදවූ වෑන් රථයක් පෙරේදා (28දා) අලුයම මීගමුව මීරිගම මාර්ගයේ කටාන ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් ඔහුගේ මව මියගොස් පවුලේ සාමාජිකයන් හයදෙනෙකු තුවාල ලබා ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.  කටාන නැගෙනහිර කළුවාරිප්පුව පදිංචිව සිටී වත්තලගේ අනුෂා දීපානි (55) නමැති තිදරු මවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ම

ෙම පවුලේ පිරිස පානදුර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගීව නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අදාළ රථය පැදවූ විශ්වවිද්‍යාල සිසුවා, ඔහුගේ පියා නිවුන් සහෝදරයන් දෙදෙනා සහ වයස අවුරුදු දෙක හමාරක පිරිමි දරුවකු හා එම දරුවාගේ මව ද තුවාලකරුවන් අතර වන බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූවෝ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටිති.

විදුලි කණුව කැඩී අසල තාප්පයක් ද සුනුවිසුනු වී ඇතැයි පොලීසිය කියයි. වෑන් රථයේ පිටුපස අසුනේ ගමන් කළ මව රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත් වී ඇති බව හෙළි වීඇතැයි පොලීසිය සඳහන් කරයි. බඩල්ගම පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවංශ සහ උපපොලිස් පරීක්ෂක රෙජිනෝල්ඩ් යන නිලධාරීහු අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


මීරිගම - කාන්ති