
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ කියා තිබේ.
‘ඩඩ්ලි සහෝදරයා වුණාට එයා වෙනම සමාගමක්නේ. ඒගොල්ලො බිස්නස් වලට මගේ කිසිම සම්බන්ධයක් නෑනේ. අපේ පවුලේ 12 ක් ඉඳලා එක්කෙනෙක් නැතිවුණා.11 යි ඉන්නෙ. තාත්තට කුඹුරු අක්කර 5 යි ගොඩ අක්කර 3 යි තිබුනේ.
කුඹුරු අක්කර 5 නංගිල තුන්දෙනෙක් කරන්නෙ බෙදාගෙන. ඔය ඩඩ්ලියි චමින්ද මල්ලියි ඇරෙන්න අනික් අය ඉතාම දුප්පත්.. නංගිලා 6 දෙනෙක් ඉන්නෙ. කුඹුරු අක්කර 5 කරන්නෙ ඒ තුන්දෙනෙක්. ගොඩ අක්කර තුනේ මං අඹ ටිකක් දාලා තියනවා. ඒ ඇරෙන්න මට කිසිම ආදායමක් නැහැ.
කෝටි 10 දඩේ ගෙවන්න බැරිවුණොත් මට හිරේ යන්නයි වෙන්නේ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval