
කිලිනොච්චිය මරුදන්කේනි, වත්තිරායන් ප්‍රදේශයේදී අලුත උපන් සිය දරුවා වළ දමා ඝාතනය කළ බව කියන මවක ලබන 11 වැනිදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් එෆ්. ජමිල් මහතා පෙරේදා (02) නියෝග කළේය. එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මරුදන්කේනි,
වත්තිරායන් හි පදිංචි 36 හැවිරිදි දෙදරු මවකි. ඉකුත් 1 වැනිදා සැකකාර කාන්තාවගේ නිවසේ මෙම බිලිඳා ඉපදී ඇති අතර ඇය දරුවා උපන් විගස නිවෙස පිටුපස වළ දමා ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.සුනඛයන් රැලක් බිලිඳු සිරුර එදින සවස් කාලයේදී වළෙන් ගොඩට ගෙන ගම්මානයේ වීදියකට රැගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බිලිඳු මළසිරුර සොයාගනු ලැබීය.
එහිදී අනාවරණය වී ඇත්තේ, සැකකාර කාන්තාව දරුවා උපන් විගස නිවස පිටුපස වළ දමා ඇති බවය. සිද්ධියට අදාළ කාන්තාව දෙදරු මවක වන අතර, සිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති බව ද ප්‍රදේශවාසීහු සඳහන් කළහ.කාන්තාව දරුවන් දෙදෙනකු සමඟ නිවසේ තනිව සිටින බවත්, අනියම් ඇසුරකින් ඇය ගැබ්ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. බිලිඳු මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මරුදන්කේනි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
- සිතුම් චතුරංග -
Comments
Post a Comment
Your comment will be visible after approval