
කලුබෝවිල හත්බෝධිය විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අසල තැම්පත් කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රනින් නිම කළ ඌර්ණ රෝම ධාතුව සොරාගෙන තිබේ.
විහාරාධිපති කරවනැල්ලෙ කස්සප හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
වසර පනහකට අධික කාලයක් පැරණි එම බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් ග්‍රෑම් 16 ක් බර එම ඌර්ණ රෝම ධාතුව සවි කර තිබූ බව පොලිසිය සදහන් කරයි.
පසුගිය 19 වෙනි දින අලුයම් කාලයේ දී විහාරස්ථාන භූමියට ඇතුල් වි කිසියම් පුද්ගලයකු කිසියම් උපකරණයක් ආධාරයෙන් ප්‍රතිමාව තැන්පත් කර තිබෙන කුටියේ දොර විවෘත කර එම ඌර්ණ රෝම ධාතුව සොරාගෙන ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීට පෙර අවස්ථාවක ද මේ අයුරින්ම ඌර්න රෝම ධාතුව සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය සදහන් කරයි.


Comments
Post a Comment
Your comment will be visible after approval