
හුංගම පොලිසියේ පැමිණිල්ලක් විභාග කෙරෙමින් පවතින අතරතුර අදාළ සැකකරු විසින් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කැට වර්ගයක් සපා කෑමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව පෙරේදා (08) රෝහල් ගත කර තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැටක ආරවුලක් මත තිබූ විමර්ශනයක් විභාග කරමින් පැවති අතරතුර මොහු විසින් සඟවා තබගෙන තිබූ යම් කිසි විෂ අඩංගු කැට වර්ගයක් කටේ දමාගෙන තිබේ.
එය දුටු පැමිණිල්ල විභාග කරමින් සිටි පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මකව මොහුගේ අතට ගසා එම විෂ අඩංගු කැට බිමට දමා තිබේ. මෙම විෂ අඩංගු කැට පානය කිරීමෙන් මොහු අසාධ්‍ය තත්ත්වයට පත්වන බව දුටු පොලිස් නිලධාරීන් වහාම පොලිස් නිල රථයේම මොහුව නංවා රන්න රෝහලට ඇතුළත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොහු රන්න රෝහලෙන් හුංගම රෝහලට මාරු කර යවා තිබේ. මෙම පුද්ගලයා වයස අවුරුදු 44ක රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හුංගම පොලිසිය සිදු කරයි.
රක්ෂණ ශ්‍රියන්ත
Comments
Post a Comment
Your comment will be visible after approval