
හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළදී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ එහි දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ පොතුහැර කටුපොත පදිංචිව සිටි මලිත් යශෝධ (අවු.25) නමැත්තෙකි.
මරණකරු නිවාඩු ලබා නිවසට ගොස් සිට පසුගිය 01වැනිදා නැවත සරසවියට පැමිණ ඇති අතර ඔහු සමග නේවාසිකාගාරයේ කාමරය තුළ සිටින අනෙක් මිතුරා නිවාඩු ලබා පැමිණ නොසිටීම හේතුවෙන් මොහු පමණක් කාමරයේ සිට ඇති බවත්, පෙරේදා (02දා) දහවල් වනතෙක් මොහු කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා වෙනත් මිතුරෙකු ඔහු නිදාසිටි කාමරයට ගොස් බැලීමේදී මරණකරු නිදා සිටිනු දැක ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය විය.
පසුව එම මිතුරා කාමරයට ගොස් අවදි වන ලෙස මොහුට කතා කළද ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ බව පාලනාධිකාරිය දැනුවත් කොට ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී මෙම සිසුවා පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහු මියගොස් ඇති බවට තහවුරු කළහ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය අනාවරණය කර ගැනීමට මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චිත්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතය.
ශාන්න ප්‍රදීප් කුමාර කුලරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval