helicopter-launching

ඊයේ(27) සවස කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ නිල තේමා පාඨය ජනගත කිරීමේ අවස්ථාව පැවැත්විණි.

එසේම මෙම නිල තේමා පාඨය ජනතාව ඉදිරියේ තබමින් එමගින් අවධාරණය කෙරෙන අභියෝගය ජය ගැනීමට මෙවර පළාත් පාලන මැතිවරණ ඇරඹුමේ සිටම එක්ව සටන් වැදීමට මෙරට ප්‍රගතිශීලී, වාමවාදී, ජාතිකවාදී සියලු ජනකොටස් වෙත ඇරයුම් කරන බව නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව මෙහිදී පැවසූහ. මෙම අවස්ථාවේදී නිදහස් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම්  එළිදැක්වීම ද සිදුවිය.

ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පිරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය උපුල් ගලප්පත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා යන නිදහස් ජනතා සන්ධානයේ විධායක සභිකවරු ද මෙහිදී කෙටි දෙසුම් පැවැත්වූහ.






(Pix sent by -Indika Prabath)