
අද (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ගයන් කිහිපයක සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව රුපියල් 420ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වේ.
රුපියල් 365ක්ව පැවැති ලංකා භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රු. 355කි.
පෙට‍්‍රල් මිල කිසිදු වෙනසක් සිදු නොවෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval