
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කිසිඳු නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට අද පැවති සාකච්ඡාවකදී දැනුම් දී තිබෙයි.
මෙම සාකච්ඡාව දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් සමඟ පැවැති අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සියලු කටයුතු අඛණ්ඩව සිදුවන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දී තිබෙයි.
ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම සාර්ථක කර ගැනීම සඳහා පනතින් පනවා ඇති නීති රෙගුලාසි පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර ඡන්දය පැවැත්වෙන කාලසීමාව තුල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval