
මෙම වසර අවසන් වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය මුළුමනින්ම ඩිජිටල්කරණය කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවසුවේය. ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව ඔහු කියා සිටියේය. ඒ ඊයේ (05 වැනිදා) යාපනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
දුර බැහැර සිටින පුද්ගලයකුට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණීම සඳහා කොළඹට පැමිණීම ඉතාමත් දුෂ්කර බැවින් මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස දක්වා සිටි ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
''ඩිජිටල් සිස්ටම් එක සම්බන්ධ අවශ්‍යතාව කාලාන්තරයක් තිස්සේ තියෙන දෙයක්. ඇයි මේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩවලට කොළඹම එන්න ඕනේ කියන එක කාලයක් තිස්සේ අහන දෙයක්. දැනටත් යාපනයේ අපේ කාර්යාලයක් තියෙනවා. එහෙම එන්නේ නැතිව ගෙදර ඉඳලම කරගැනීමේ අවශ්‍යතාව දැන් තියෙනවා. ඒ නිසා මේ වසරේදී අපි මේ කාර්යය කරන්න උත්සාහ කරනවා.
පහුගිය මාස හයක වගේ කාලය තුළ කම්කරු අමාත්‍යංශය තුළ අපි මේ කාර්යයන් කළා.
විදේශ රැකියා ක්ෂේත්‍රය මේ අවුරුද්ද අවසන් වන විට පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පිටරට සේවා යෝජකයාට අපේ ශ්‍රමිකයෙක් සොයා ගැනීමට අවශ්‍ය වෙද්දී, එහේ ඉඳලාම අන්තර්ජාලය ඔස්සේ කරගන්න, විදෙස් රැකියාවන්ට අදාළ සියලු කාර්යයන් ඩිජිටල් වේදිකාවක් හරහාම කර ගන්න අවශ්‍ය මූලික කරුණු කාරණා මේ දිනවල කරමින් ඉන්නවා.’’
අශිකා ජයවීර
Comments
Post a Comment
Your comment will be visible after approval