
කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අනතුරට ලක්ව තිබෙයි.
බද්දේගම සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර 88 කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ මගීන් 16 දෙනෙකු සහ බස් රථයේ රියදුරු රෝහල් ගත කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
බස් රථයේ රියදුරුට රිය පදවන අතරතුර නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පසු බස් රථය මීටර් 100ක් පමණ ඇදී ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval