california-police-identify-gunman-monterey-attack-killed-10


පසුගිය සෙනසුරාදා (21) ඇමරිකාවේ කැලිෆෝනියාහි මොන්ටෙරේ පාර්ක් හි චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සව අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර 10 කට තුවාල සිදුවිය. අනතුරුව වෙඩි තැබූ පුද්ගලයා වෑන් රථයකන් පළාගොස් ටිකදුරකින් රථය තුළදී වෙඩිතබාගෙන සියදිවි නසාගත්තේය.මෙම වෙඩි ප්‍රහාර කවර අරමුණකින් සිදු කළාද යන්න තවම අවිනිශ්චිතය. කෙසේ වෙතත් සැකකරු හදුනාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටීමෙන් පසු ඔහු කවුරුන්ද යන්න අද (23) සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


සෙනසුරාදා සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු 72 හැවිරිදි හූ කැන් ට්‍රාන් ලෙස හඳුනාගෙන ඇත. වෙඩි තැබීම සිදු කළ පසු
සුදු වෑන් රථයකට ගොඩවැදුණ ඔහු පළාගිය අතර වෙඩි තැබීමේ ස්ථානයේ සිට මිනිත්තු 30 ක් පමණ දුරින් ටොරන්ස් හිදී පොලිස් නිලධාරීන් වාහනය වට කොට ඔහු අල්ලාගන්නට පෙර සියදිවි නසාගෙන තිබණි. වෑන් රථයේ තිබී අත් තුවක්කුවක්ද හමුවී ඇත.
Monterey Park හි Star Ballroom Dance Studio හි සිදුවූ වෙඩි තැබීමෙන් කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමින් 5 දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර සිද්ධිය නිසා තවමත් පුද්ගලයින් හත් දෙනෙකු රෝහල්ගතව සිටින බව කියැවුණි. තුවාල ලද සියල්ලන්ම වයස අවුරුදු 50 ට වැඩි බව වාර්තා වී තිබේ.


වෙඩික්කරුගේ චේතනාව කුමක්ද? ඔහුට මානසික රෝගයක් තිබුණාද? යන්න තවම විමර්ශනය කෙරේ.
මොන්ටෙරේ උද්‍යානය යනු ලොස් ඇන්ජලීස් හි නැගෙනහිර මායිමේ පිහිටි 60,000 ක පමණ ජනගහනයක් සිටින චීන්නු බහුලව වසන නගරයක් වන අතර එය බොහෝ දුරට චීනයෙන් හෝ පළමු පරම්පරාවේ ආසියානු ඇමරිකානුවන්ගෙන් සමන්විතවේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ එහි නගර මධ්‍යයේ චන්ද්‍ර අලුත් අවුරුදු උත්සව සඳහා වීදි රතු පහන් වලින් සරසා තිබූ ස්ථානයේ ය.
පසුගිය වසරවල 100,000 ක පමණ ජනතාවක් සහභාගී වූ දින දෙකක් පවත්වන උත්සවයට මෙවර "හාවාගේ සුභ වසරක්!" යනුවෙන් සඳහන් කර තිබූ විශාල බැනරයක්ද එල්ලා තිබුණි. වෙඩි තැබීමෙන් පසු නිලධාරීහු ඉරිදා උත්සව අවලංගු කළහ.