සමඟි ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර සිටියේ එළැඹෙන මැතිවරණය  පැවැත්වීමේ උවමනාව එක්සත් ජාතික පක්ෂයට සහ පොදු ජන පෙරමුණට කිසිසේත්ම නැති බවයි.  පාර්ලිමේන්තුව තුළ විකෘති ජන මතයක් ඇති හෙයින් නිවැරදි ජන මතයක් ලබා ගැනීම සඳහා වන මැතිවරණය වෙනුවෙන් ජනතාව විසින් ඡන්දයක් ඉල්ලා සිටිය යුතු බවද ඇය කීවාය.



ඇය මෙසේ පවසා සිටියාය.

"නගර සභාව හරියට කළමණාකරනය කරගන්න පුළුවන් දක්ෂ ඒ වගේම වාමාංශික පසුබිමකුත් තියෙන,කිසිම වෙලාවක  දූෂණ චෝදනා වංචා නැති පිරිසිදු මනුස්සයෙකුට නගර සභාව දෙන්න. රෝසි සේනානායක මහත්මිය වයසයි. මැන්ටල්. ඇයට අතිශය විශාල ප්‍රමාණයකින් දූෂණ චෝදනා තියෙනවා. සමහරක් ඒවා පොලීසිවලටත් ගිහින් පැමිණිලි තියෙනවා."

ඇය වැඩිදුරටත් පවසා සිටියේ කොළඹ මහ නගර සභාව මුජිබුර් රහුමාන් දැවැන්ත ජයග්‍රහණයක් ලබන බවයි. මාර්තු නවයෙන් පසු ඔහුට ගරු නගරාධිපතිතුමා ලෙස ඇමතීමටද ඇයට හැකිවන බවද ඉතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටියා.