anura-complain

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ලේකම් සුගත් හේරත් පතිරණ මහතා ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ පැමිණිල්ලක් ගොනු කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වුයේය.



හෙතෙම ප්‍රකාශ කර සිටියේ රටේ දේශපාලන ව්‍යාපාරය ජනතාව මානසික හිංසනයට සහ වාචික භීෂණයකට ලක් කරන බවයි. මේ හේතුව නිසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වෙයි. ඔහු ඒ සඳහා උදාහරණයක් සපයමින් පවසා සිටියේ නායක අනුර කුමාර දිසානායක මහතා එක්තරා මැතිවරණ රැලියකදී ව්‍යවස්ථාදායක සභාව, විධායකය හා අධිකරණය යන කුළුණු තුනට ප්‍රසිද්ධියේ ප්‍රහාර එල්ල කරන බවයි.  

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසුවේය.



'ව්‍යවස්ථාදායකය ගන්න තීන්දු ක්‍රියාත්මක කරන ලේකම්වරුන්ට තමන්ගේ රජයක් ආවට පස්සේ නිසි ආකාරව නඩු අහලා අවුරුදු තුනක් හිරේ දානවයි කියලා කියනවා. එහෙමනම් අපි අහනවා රටේ ජනතාවගෙන් මේ අනුර කුමාර දිසානායක කියන්නේ මේ වෙලාවේ උසාවිය ක්‍රියාත්මක වෙන්නෙ හරියට නෙවෙයිද? නඩු අහන්නෙ හරියට නෙවෙයිද? මේක අධිකරණයට කරපු විශාල අපහාසයක් නින්දාවක් විදිහටයි අපි දකින්නේ.'

ඔහු වැඩිදුරටත් අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයක් උපුටා ගනිමින් මෙසේ පැවසීය.

'ගෝඨාභය ජනාධිපතිතුමාට අඩුගානේ මාලදිවයිනටවත් පැනලා යන්න පුළුවන්කම ලැබුණා. රනිල් වික්‍රමසිංහට ඒකත් බැරිවෙයි කියලා. මේ කියන්නෙ මොකක්ද? අපේ ජනාධිපතිතුමා ඝාතනය කරනවා කියන එකද?'

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ජන මනස නිරවුල්ව සාමකාමීව සීතිමට මැතිවරණ කොමිෂන් සභාව හරහා අවස්ථාවක් ලබාදිය යුතු බවයි.