Leopards-on-the-nocturnal-prowl-villagers-live-in-fear

තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ ගම්මානවලට කඩා වැදී නිවෙස්වලට පවා ඇතුළු වන දිවියන්ගේ තර්ජනය හේතුවෙන් ප්‍රදේශවාසීහු නිරන්තර බියෙන් පසුවෙති.

ආගරපතන නව ජනපදයේ වෙසෙන ජනතාව පැවසුවේ දිවියන් සුනඛයන් ගොදුරු කර ගැනීම සඳහා නිවෙස්වලට ඇතුළුවීමට නිතර උත්සාහ කරන බවයි. දිවියන් නිවෙස්වලට ඇතුළු වීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් නිතර ගෙවතුවලට පැමිණෙන බවත් බොහෝ විට ඔවුන්ගේ දොරවල් බලහත්කාරයෙන් විවෘත කිරීමට උත්සාහ කරන බවත් ඔවුහු පැවසූහ.

දිවියෙකු තම නිවසේ පිටුපස දොර විවෘත කිරීමට උත්සහ කරන ආකාරය සීසීටීවී කැමරාවේ සටහන්ව තිබූ නිවසක හිමිකරු පෙන්වා දී තිබේ. ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසියට සහ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට පැමිණිලි කර ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

දිවියෙකු නිවසක පිටුපස දොර විවර කිරීමට උත්සහ කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පහතින්