
නුගේගොඩ සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියන් එම විද්‍යාල පරිශ්‍රය ඉදිරිපිට මෙම විරෝධතාවය පවත්වා ඇත.
එම පාසලේ ද්වීතියික හා තෘතීයික අධ්‍යාපනය ලබන සිසුන්ට කේම්බ්‍රිජ් විෂය නිර්දේශ අනුව උගන්වන අතර අනතුරුව කේම්බ්‍රිජ් සා/පෙළ සහ උ/පෙළ විභාග සඳහා සිසුන්ව යොමු කරන නමුත් මෙම වසරේ සිට පාසල හරහා එම විභාග සඳහා ලියාපදිංචිය සිදු නොකරන බව මව්පියන්ගේ චෝදනාවයි. සිසුන්ට තනිව පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාග වලට පෙනී සිටින්නට දන්වා ඇතැයි වාර්තා කර තිබෙයි.
මෙය ගැන පාසල් බලධාරීන් සමග දෙමාපියන් කළ කථාබහ අසාර්ථකවී ඇත.
සිසුන් සඳහා පාසල හරහා කේම්බ්‍රිජ් විභාග අයදුම් කිරීමට පෙර මෙන් පහසුකම් සැලසීමට කටයුතු කළ නොහැකි බව පාසල් බලධාරීන් දැනුම් දී ඇති බව විරෝධතාවයේ නිරත මවුපියෝ පැවසූහ.
පෞද්ගලික අයදුම්කරුවන් ලෙස එම විභාග වලට ඉදිරිපත්වීම දරුවන්ගේ සහතික වටිනාකම අවතක්සේරු කිරීමක් වන බවත් පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී ලබාදී තිබූ පොරොන්දු උල්ලංඝනයක් බවත් මාපියන් චෝදනා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval